කොළඹ තරුපහේ හෝටලයක කාමර දෙකක් කුලියට අරන් ‘ගේම් ගැසූ’ කල්ලියේ 7ක් දැලේ

648

කොළඹ තරුපහේ හෝටලයක කාමර දෙකක් මාස දෙකක් තිස්සේ වෙන්කරගෙන දිනකට රුපියල් ලක්ෂ 02 බැගින් වියදම් කරමින් ජාවාරම් රැසක් සිදුකළ අපරාධ කල්ලියක ප‍්‍රධාන සැකකරු සමග 07 දෙනකු පෙරේදා (20දා) රාතී‍්‍ර වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කල්ලියේ ප‍්‍රධානියා මහනුවර ප‍්‍රදේශයේ පදිංචි පී‍්‍ර. ස්ටෙෆාන් නමැති 35 හැවිරිදි පුද්ගලයකු වන අතර අනෙක් සාමාජිකයෝ අවුරුදු 20 ත් 28 ත් අතර වයසේ පසුවෙති.

ප‍්‍රධාන සැකකරු සතුව තිබූ ටැබ් පරිගණක දෙකක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී දිනකට රුපියල් ලක්ෂ 10 බැගින් ගිණුම්ගත වන බවට සටහන් වුවත් එම මුදල් ගිණුම්ගත වන ආකාරය හෙළි වී නැතැයි පොලිසිය සඳහන් කරයි. මෙම ප‍්‍රධාන සැකකරු විවිධ පුද්ගලයන් නමින් ගිණුම් පවත්වාගෙන යමින් සකස් කළ බැංකු පොත් 22 ක් සහ මුදල් ලබාගැනීමට භාවිතා කළ බැංකු කාඞ්පත් 58 ක්” හැඳුනුම්පත් 11 ක්” සීම් කාඞ්පත් 08 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෑතකදී ටවුන්හෝල් ප‍්‍රදේශයේ මෝටර් රථ ගාලකදී පොලිස් කොස්තාපල්වරයකු යටකර පලායෑම සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ නිලධාරින් මාස කීපයක සිට සිදුකරන ලද ආවේක්‍ෂණ රාජකාරියේදී මෙම ප‍්‍රධාන කල්ලිය පෙරේදා (20දා) රාතී‍්‍ර තරුපහේ හෝටලයේ උපන්දින සාදයක් පවත්වන බවට තොරතුරු ලබාගෙන ඇත. ඒ අනුව කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන වැටලීම සිදුකර තිබේ. වැටලීම සිදුකරන විට සැකකරුවන් සමග කුෂ්” අයිස්” කොකේන් සහ මත්පෙති ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කල්ලියේ ප‍්‍රධානියාට දිවයිනේ ප‍්‍රදේශ රැුසක අධිකරණවල නඩු පවතින බව ද හෙළිකරගෙන ඇත. ඇතැම් සැකකරුවන් නම් කිහිපයකින් සමාජයේ පෙනී සිට ඇති බවට සනාථ වෙන හැඳුනුම්පත් හමුවී ඇත. මෙම වැටලීමේදී කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් ඊයේ (21දා) දහවල් වන තෙක් ප‍්‍රකාශ ලබාගනිමින් තිබුණි. ප‍්‍රධාන සැකකරු සන්තකයේ තිබූ රුපියල් තුන්ලක්ෂ හතළිස් එක්දහසක පමණ මුදලක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සිරිවර්ධන” පොලිස් පරීක්ෂකවරුන් වන ඔසඳ” සම්පත්” උප පොලිස් පරීක්ෂකවරුන් වන සඳරුවන්” බණ්ඩාරනායක” සැරයන්වරුන් වන ජයලාල් (428)” කමලසිරි (28777) ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කරමින් තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment