කොළඹ තේ වෙන්දේසියේදී ඌව තල්පේවත්ත තේවලට ඉහළ මිලක්

708

පසුගිය 16 වැනි දින පවත්වන ලද කොළඹ තේ වෙන්දේසියේදී මධ්‍යම ඌව පළාත් නිෂ්පාදිත EBOP වර්ගයේ තේ කිලෝවක් සඳහා මෙතෙක් වාර්තාවී ඇති උපරිම මිලක්වන රු. 1250/-ක අගයක් වාර්තා කිරීමට ඌව පළාත් ගුණාත්මක තේ නිෂ්පාදන කිරීමේලා සුවිශේෂී නමක් දරා සිටින ඌව තල්පේවත්ත තේ කර්මාන්ත ශාලාව සමත් විය.

දිගු කලක සිට ඌව පළාතේ ප‍්‍රමුඛම තේ නිෂ්පාදකයා ලෙස ශ‍්‍රී ලකා තේ ක්‍ෂේත‍්‍රයට ඉමහත් දායකත්වයක් සපයමින් කොළඹ තේ වෙන්දේසිය සඳහා ඉහළ ගුණාත්මක තේ සපයන මෙම ආයතනයේ නිර්මාතෘ හා සභාපතිත්වය දරන ඒ. පී. ඞී. අබේරත්න මහතා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පූර්ණ මඟ පෙන්වීම යටතේ හා පළපුරුදු කාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම මත ශ‍්‍රී ලංකා තේ රන් නාමය රන් අකුරින් බැබළවීමට ඉමහත් දායකත්වයන් සපයයි.

මෙම තේ තොගය ඉතා ඉහළ අගයක් ලබා දෙමින් කොළඹ තේ වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවේ උසස් ප‍්‍රමිතියෙන් යුතු තේ අපනයනයේ ඉහළම මිලක් දරන Tea tang Ltd ආයතනය මගින් වන අතර මේ තේ තොගය Lanka Commodity Brokers Ltd විසින් කොළඹ තේ වෙන්දේසියේදී අලෙවි කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment