කොළඹ තේ වෙන්දේසියේ මෙතෙක් අලෙවි වූ  උපරිම මිල හිදැල්ලන තේ කම්හලට

249

පසුගිය 09 වැනිදා කොළඹ තේ වෙන්දේසියේ දී ‘‘හිදැල්ලන’’ බී.පී. ශ්‍රේණියේ තේ තොගයට රු. 940 ක උපරිම මිලක් වාර්තා කරන ලදී.

මෙය කොළඹ තේ වෙන්දේසියේ පහතරට බී.පී. ශ්‍රේණිය සඳහා මෙතෙක් වාර්තා කර ඇති උපරිම මිලයි. මෙම උසස් තත්ත්වයේ තේ තොගය නිෂ්පාදනය කරන ලද්දේ සබරගමුව පළාතේ රත්නපුර, හිදැල්ලන ප‍්‍රදේශයේ පිහිටි ‘‘හිදැල්ලන තේ කර්මාන්ත ශාලාව’’ මගිනි. මෙම කර්මාන්ත ශාලාව ආර්.ටී.එස්. ව්‍යාපාර සමූහයට අයත් වන අතර එහි හිමිකරු වන්නේ ලලිත් ලියනගේ මහතා ය. මෙමගින් කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් වන තේ තොග ඉතා උසස් ප‍්‍රමිතියකින් යුක්ත බැවින් ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ ප‍්‍රසාදය දිනා ඇත. තවද මෙම තේ තොගය වෙන්දේසියේ දී අලෙවි කරන ලද්දේ ‘‘සී/ස ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස්’’ මගිනි.

advertistmentadvertistment
advertistmentadvertistment