කොළඹ නගරයේ ජනතා හැසිරීම් කනගාටුදායකයි – මෙහෙම ගියොත් ජනවාරි වනවිට තව කොවිඞ් රැල්ලක් ඒවි

170

* රජයේ වෛද්‍ය නිලධාරි සංසදයේ සභාපති රුක්ෂාන් බෙල්ලන

කොළඹ නගරයේ සැරිසරන සමහර ජනතාවගේ හැසිරීම් ඉතා කනගාටුදායකයි. කොළඹ නගරයේ ජනතාව නිසිලෙස සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැති එක සෞඛ්‍ය අංශ පාලනය නොකළොත් මුළු ලංකාවෙම ඉන්න ජනතාව පාලනය කරගන්න බැරිවේවි. මෙහෙම වුණාම ලබන ජනවාරි වෙනකොට යළිත්් කොවිඞ් රැල්ලක් එනවා නිසැකයි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (01දා) පැවැසීය.

සංචරණ සීමා මීට වඩා දැඩි කළයුතු බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද පැවසීය.

ලංකාවේ කොවිඞ් වලින් තාමත් මිනිස්සු මැරෙනවා. කොවිඞ් ආසාදනය වූ 500 කට වැඩි පිරිසක් දිනපතා හඳුනාගන්නවා. මෙච්චර තත්ත්වයක් තියෙද්දිත් අපේ මිනිසුන්ගේ බය තාම ඇරිලා නැහැ. දැන් මේ වෙනකොට කොවිඞ් අමතක කරලා මිනිස්සු රට වටේ විනෝද චාරිකා, වන්දනාගමන්, බීච් වල යනවා. තවත් අය හෝටල් බුක් කරගෙන ඒවායේ ගිහින් විනෝද වෙනවා. ඇයි මේ සෞඛ්‍ය පුරුදු අමතක කරලා හැසිරෙන්නේ. මේ අය මේ විදිහට හැසිරිලා ආයේ කොවිඞ් රැුල්ලක් ඇති කරගන්නයි මේ හදන්නේ. ඒ රැුල්ල ඇති කළාම සෞඛ්‍ය අංශවලට වැඩ ආයෙමත් වැඩි වෙනවා. අර සාමාන්‍ය ප‍්‍රතිකාර කරන ඒවා, සැත්කම් සියල්ලම කල් යනවා.

අනිත් කාරණාව තමයි දැන් වෙනත් රටවල්වල කොවිඞ් එන්නකටවත් ප‍්‍රතිචාර දක්වන්නේ නැති කොවිඞ් ඩෙල්ටා තවත් වෛරස් ප‍්‍රභේදයක් වේගයෙන් පැතිරී යන එක. මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment