කොළඹ නගර සීමාව තුළ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරීමේ අවදානමක් පවතිනවා

81

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ කොළඹ නගර සීමාවේ රාජකාරි කටයුතු සඳහා පැමිණෙන අය සහ කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම්හල් පෝලිම්වල දිගු වේලාවක් රැඳී සිටින අය අනිවාර්යයෙන්ම මුව ආවරණ පළඳින්නැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඉල්ලා සිටියි.

දැනටමත් ජුලි මාසයේ ගතවූ දින 27 ක කාලය තුළ කොළඹ නගර සීමාවෙන් කොවිඩ් රෝගීන් 21 දෙනකු හමුවී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. කොළඹ නගරයේ රාජකාරි කටයුතු සඳහා යන ඇතැම් අය මුව ආවරණ නොපැළැඳ ගමන් කරන ආකාරය නිරීක්‍ෂණය වී ඇතැයි ද හේ කීය. එපමණක් නොව කොළඹ නගර සීමාවේ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව ඇති දිගු පෝලිම්වල රැඳී සිටින ඇතැමුන් මුව ආවරණ නොපැළැඳ සිටින ආකාරය නිරීක්‍ෂණය වූ බවද හෙතෙම සඳහන් කළේය. මේ තුළින් කොළඹ නගර සීමාව තුළ ශීඝ්‍රයෙන් කොවිඩ් පැතිරීමේ අවදානමක් මතුවී ඇති බැවින් මුව ආවරණ පැළඳීම, දෑත් සබන් යොදා සේදීම, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නැයි ද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment