කොළඹ නීලගිරි හෝටලයේ අවුරුද්දක් වැඩ කළා… මම කථිකාචාර්යවරයෙක් – ප්‍රදීප් රාමවික්‍රම

486
මුලින්ම මහේන්ද්‍ර සර් මාව සත පහකට ගණන් ගත්තේ නෑ
එයා දැන් බැඳලා හි කවුද මේ මනී. හැමෝම මේ මනී කවුද කියලා හොයන හින්දම අපිත් මනීව හෙව්වා. එයා දැන් බැඳලා අධ්‍යක්‍ෂ ප්‍රසන්නට කතාකරලා මනීගේ නොම්බරය ඉල්ලගෙන මනීට කතා කළා. නම ප්‍රදීප් රාමවික්‍රම. දකුණේ ඉඳලා මේ ගෙන්දගම් පොළවේ පය ගහලා පුදුමාකාර කට්ටක් කාලා බලාපොරොත්තු අත්නොහැර ජීවිතය ජයගත්තු කොල්ලෙක් තමයි මනීට ජීවය දෙන ප්‍රදීප්.

● ප්‍රදීප් රාමවික්‍රමට මනීව හම්බවුණේ කොහොමද?

ඇත්තෙන්ම මම කාලයක් තිස්සේ මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් ස්ටුඩියෝ එකේ වැඩ කරනවා. ඉතිං සර් තමයි මාව ප්‍රසන්න ජයකොඩිට මුණගස්වන්නේ. ඉතිං එයා මාව ගොඩක් ඉන්ටර්විව් කළා. අන්තිමේ මාව තෝරගෙනත් ගොඩක් දේවල් කතා කරලා තමයි වැඩකරන්න පටන් ගත්තේ.

● මනීට මගතොටේදී ලැබෙන ප්‍රතිචාර එහෙම?

මම සාමාන්‍යයෙන් ගොඩක් එළියට යන චරිතයක් නෙමෙයි. මම නිතර ඉස්කෝලෙක ඇතුළත හෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් විදිහටත් වැඩ කරනවා. ප්‍රතිචාර නැතිවම නෙමෙයි. මොකද මම ගොඩක් රඟපාන්න යන කෙනෙක් නෙමෙයි. මට ගොඩක් වෙලාවට මෙගා නාට්‍යවලට කතා කරල තියෙනවා. නමුත් මම ඒවාට යන්නේ නැහැ. මම මෙගා නාට්‍යවලට කැමති නැහැ. මොකද මම ලෙක්චර් කෙනෙක් සහ ඇක්ටර් ටේ්‍රනර් කෙනෙක් විදිහට වැඩකරන කොට ඒ වගේ වැඩ භාරගන්න බැහැ. ඒ වගේ වැඩවල වැඩ කරලා ඇවිල්ලා ආපහු ළමයි එක්ක වැඩ කරන්න බැහැ.

කොළඹ නීලගිරි හෝටලයේ අවුරුද්දක් වැඩ කළා... මම කථිකාචාර්යවරයෙක් - ප්‍රදීප් රාමවික්‍රම

● කොච්චර කාලෙකට පස්සෙද මේ වැඩේ භාර ගත්තේ?

ඇත්තටම මම අවුරුදු පහකට පස්සේ තමයි මේ වැඩේ භාර ගත්තේ. මීට කලින් මීදුම් අම්මා” පිත්තල කොරන්බෑරුම” කිරි කවඩි කියන ටෙලි නාට්‍යවල වැඩ කරලා තියෙනවා. කාලෙකට පස්සේ මේ වගේ වැඩක් ලැබීම ගැන ඇත්තටම සතුටුයි. මම ඇක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවාට අමතරව කොරියො ග්‍රැෆි කෙනෙක් විදිහටත් ප්‍රඩක්ෂන් කෝඩිනේටර් කෙනෙක් විදිහටත් තියටර් වැඩ” ෂෝර්ට් ෆිල්ම් වගේ දේවලුත් කරනවා. මම හැමදාමත් ඇක්ටින් ගැන රීඩින් ගැන හිතන කෙනෙක්. එහෙම ඉන්න අතරේ මෙහෙම වැඩක් ලැබීම ගැන සතුටුයි. මගේ මාස්ටර් එකත් ඉවර කරලා ඇක්ටින්වලින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න තමයි අරමුණ. මයිමින් වලින් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නත් ආසයි. තවම ලංකාවේ එහෙම ප්‍රොෆෙසර් කෙනෙක් නැහැ. ඒකට මම ගොඩක් අධ්‍යයනය කරනවා.

● ප්‍රදීප් වේදිකාවට ගොඩක් සමීපයි?

ඔව්. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ජනප්‍රිය වේදිකාවට එන්නේ තුසිත ලක්ෂාන්ගේ චත්‍රපාණි කියන වේදිකා නාට්‍යයේ බේබද්දෙකුගේ චරිතයක් කරලා. ඊට පස්සේ ඇයි අවුල්ද?” ගෝටයිම්බර කෝළම” බෝම්බයක් ඉතුරුයි වගේ නාට්‍ය රැසක රඟපෑවා. රාජ්‍ය නාට්‍ය උළෙල වගේම යෞවන නාට්‍ය උළෙලේ මම හොඳම නළුවා වගේම හොඳම සහාය නළුවා. හොඳම අධ්‍යක්‍ෂණය කියන සම්මානයත් අරගෙන තියෙනවා. මම තියටර් එකක් එක්ක ගොඩක් කාලයක් වැඩ කළා. මම ඇක්ටර් කෙනෙක් විදිහටත් නෙමෙයි කොරියෝ ග්‍රැෆි කෙනෙක් විදිහටත් වැඩ කරන්න ආස චරිතයක්.

● ඔබ නළුවන්ට විෂය කියලා දෙන චරිතයක්?

මගේ පළමු අරමුණ ඇක්ටර් ඩී්‍රම් එක. නමුත් ඒක අතරේ මට මේකත් කරන්න පුළුවන් කියලා හිතුණා. උපාධියෙන් පසුව මම විදෙස්ගතවෙලත් ඉගෙන ගත්තා. දැනට මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඇක්ටින් සහ මයිමින් ගැන කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා.

● ප්‍රදීප් රාමවික්‍රම දකුණේ අපි හරිද?

ඔව් මගේ ගම මාතර. මාතර ඕල්කට් කනිෂ්ඨ විද්‍යාලයට සහ මාතර සෙන්තෝමස් විද්‍යාලයට තමයි ගියේ. මම තමයි පළමු වතාවට අපේ ඉස්කෝලේ උසස් පෙළට ඩ්‍රාමා විෂය කළේ. මම ආරම්භය පටන් ගත්තේ වීරසේන අල්ගේ කියන

ගුරුතුමාගේ වීදි නාට්‍ය කරලා තමයි පස්සේ විශ්වවිද්‍යාලයට එන්නේ. මාතර ඉන්න කාලේ මම ගොඩක් නාට්‍යකරණයේ වැඩ කළා. හැබැයි මම ඒ කාලේ ඇකඩමික් දැනුමක් තිබුණේ නෑ. ආසාවට තමයි ඒ දේවල් කළේ. විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි ඒ පිළිබඳ අවබෝධයක් ලැබුණේ. මම හිතනවා හැමදාම මේ විෂය හොයාගෙන යන්න බැහැ කියලා. මට මහේන්ද්‍ර පෙරේරාව හම්බවෙන්නේ ඊට පස්සේ. උසස් පෙළින් පසුව මම එයාව හොයාගෙන එනවා කොළඹට.

කොළඹ නීලගිරි හෝටලයේ අවුරුද්දක් වැඩ කළා... මම කථිකාචාර්යවරයෙක් - ප්‍රදීප් රාමවික්‍රම

● කොළඹ ආපු ගමනේදී ලොකු කට්ටක් කන්නත් වුණා කියලත් ආරංචියි?

මම සාමාන්‍ය පවුලක දරුවෙක්. මම ඉගෙනගන්න සමයේදී තනියම සල්ලි හොයාගෙන ආපු කොල්ලෙක්. බොරු කියන්න ඕනෙ නෑ. මමත් කොළඹ ඇවිල්ලා නීලගිරි හෝටලයේ අවුරුද්දක් විතර වැඩ කළා. උසස් පෙළ ලියලා පැක්ටි්‍රකල් එකට සිලෙක්ට් වුණාට පස්සේ තමයි කොළඹ ආවේ. ඒ කාලේ මාව කවුරුවත් දන්නේ නෑ. මහේන්ද්‍ර සර්ගේ වර්ක් ෂොප් එකට එන්න තියෙන ආසාවට තමයි කොළඹ ආවේ.

● ඒ ගමන හරි දුෂ්කරයි එහෙමද?

නීලගිරි හෝටලයෙන් පස්සේ රෙදි කඩවල හාඩ්වෙයාර්වල වැඩ කරමින් තමයි මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් ගියේ. මුලින් මාව සර් සත පහකට ගණන් ගත්තේ නෑ. මාව අඳුරන්නෙවත් නෑ. වැඩ කරගෙන යද්දී එයාට මාව දැනුණා. ඊට පස්සේ සර් මාව ඉංග්‍රීසි පන්තියකට දැම්මා. එයාගේ දරුවෙකුට වගේ සලකන්න ගන්නවා.

සර්ගේ ගෙදර එක්කගෙන යනවා. නිර්මාණ ඇතුළේ විවිධ ඉසව්වල මම අවුරුදු ගණනාවක් වැඩ කළා. මාව ඉස්සර කවුරුවත් වැඩවලට ගත්තේ නෑ. නමුත් ඒ අයම මට අද කතා කරනවා. එහෙමයි කියලා මගෙත් එක්ක කිසිම කෙනෙක් එක්ක තරහක් නෑ. අපි වැඩ කරන විදිහ දැන ගත්තහම මිනිස්සු අපිත් එක්ක හරි සමීපයි. නැති නම් මිනිස්සු අපිට ගොඩක් වැඩ ඇතුළේ කවනවා. මේ විෂයට තියෙන ලව් එක නිසාම තනියම අඬලා තියෙනවා. කොළඹ ආවෙත් මේ විෂයට තියෙන ලව් එක නිසාමයි. මගේ එකම අරමුණ තියෙන්නේ ජීවිතයේ මම මළත් මිනිස්සුන්ට මාව අමතක නොවන විදිහේ නළුවෙක් වෙන්න. මාව අධ්‍යයනයට ගන්න පුළුවන් වීම.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment