කොළඹ පස් මහල් ගොඩනැගිල්ලකින් ජීව උන්ඩ තොගයක් හමුවේ

465


කොළඹ බි‍්‍රස්ටල් වීදියේ පස් මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක් තුළ තිබී ජීව උන්ඩ තොගයක් අද සවස සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාෂය පැවසීය.
ටී 56 ජිව උණ්ඩ 176 ක් සහ පිස්තෝල වලට යොදන 9 එම් එම් වර්ගයේ ජිව උණ්ඩ 29 ක් එහි තිබී සොයාගෙන ඇත.
විවිධ පුද්ගලික ආයතන පිහිටා තිබෙන එම පස් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වැසිකිළියක් තුළ තිබෙන අඩි තුනක් පමණ උසැති බැම්මක් අසල මෙම උණ්ඩ තිබෙනු දැක පවිත‍්‍රතා සේවකයෙක් ඒ බව පොලිසියට දැනුම්දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය .
රතු පාටට හුරු ඉටි බෑග් එකක මෙම උණ්ඩ දමා තිබූ බවත් එම
ජීව උණ්ඩ තොගය මෙම ස්ථානයට රැගෙන ආවේ කිනම් පුද්ගලයෙක් ද ? කුමන කාරණාවකට ද? යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
උණ්ඩ තොගය තිබූ පස් මහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලට කොළඹ නගරය මර්මස්ථාන රැසක් පැහැදිලිව දර්ශන වනබවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජි.ජේ නන්දන ,නියෝජ්‍ය අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා සෘජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment