කොළඹ පාසල් සතියකට වැසේ

508

ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන ගැටලු නිසා ලබන සදුදා සිට කොළඹ පාසැල් සතියකට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ප්‍රවාහන ගැටලු නොමැති දිවයිනේ සෙසු පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම් එන් රණසිංහ මහතා පවසයි. තදාසන්න නගරවල පාසල් එම සතිය තුළ ඔන්ලයින් ක්‍රමයට ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට තීරණය කර ඇත. එම කාලය තුළ විදුලිය කප්පාදුවක් සිදු නොකරන ලෙස අධ්‍යාපන මාත්‍යංශය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment