කොළඹ මහ නගර සභාවේදීත් කුණු බිත්තර ප‍්‍රහාරයක්

356

කොළඹ මහ නගර සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී ප‍්‍රදීප් ජයවර්ධන මහතාට ඊයේ (31වැනිදා) උදේ එහි පැවැති කමිටු රැුස්වීමකදී මිරිස් කුඩු මිශ‍්‍ර කුණු බිත්තර ප‍්‍රහාරයක් එල්ල වී ඇත.

කොළඹ මහනගර සභාවේ පරිසර කමිටුවට සභාපතිවරයකු තෝරා ගැනීමේ ඡුන්ද විමසීමක් නගර සභා කමිටු ශාලාවකදී පැවැති අතර ඡුන්ද විමසීමෙන් අනතුරුව අදාළ මිරිස් කුඩු මිශ‍්‍රිත කුණු බිත්තර ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම මන්ත‍්‍රීවරියක බවද පැවැසේ.

පරිසර හා ඉඩම් ස්ථාවර කමිටුවේ සභාපතිධුරය ලබා ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම සමන් අබේගුණවර්ධන යන මහත්වරු ඉදිරිපත්ව සිටියහ.

ඒ සඳහා පැවැති රහස් ඡුන්ද විමසීමේදී ප‍්‍රදීප් ජයවර්ධන මහතාට ඡුන්ද 4 ක්ද සමන් අබේගුණවර්ධන මහතාට ඡුන්ද 2 ක් ද වශයෙන් ලැබී ජයවර්ධන මහතා ජයග‍්‍රහණය කළේය.

රහස් ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මන්ත‍්‍රීවරිය සිය

අත්බෑගයේ සඟවාගෙන සිටි යමක් එළියට ගෙන ප‍්‍රදීප් ජයවර්ධන මහතා දෙසට දමා ගැසූ බව එම අවස්ථාවේ සිටි නාගරික මන්ත‍්‍රීවරයෙක් ‘දිවයින’ට කියා සිටියේය.

එම බෑගයේ තිබූ දෙයක් ප‍්‍රදීප් ජයවර්ධන මහතාගේ හිසට වැදී පුපුරා ගිය බවද ප‍්‍රදීප් ජයවර්ධන මන්ත‍්‍රීවරයාගේ මුළු ශරීරයම දුගඳ හමන කුණු බිත්තරවලින් පෙඟී ගිය බව ද ඔහු කීය.

කුණු බිත්තර ප‍්‍රහාරය එල්ල කිරීමෙන් පසුව නාගරික මන්ත‍්‍රීවරුන් දෙපිරිසකට බෙදී එකිනෙකාට චෝදනා කරමින් ඝෝෂාකර ගන්නට වූහ.

එම නිසා කොළඹ මහ නගර සභාවේ කමිටු ශාලාව එකම ගාලගෝට්ටියක් බවට පත් විය.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මැදිහත් වී සිද්ධිය සමථයට පත් කළේය.

ප‍්‍රදීප් ජයවර්ධන මහතා පසුව වෙනත් ඇඳුමක් ඇඳගෙන එම ස්ථානයෙන් පිටව ගිය බවද එම නාගරික මන්ත‍්‍රීවරයා පැවසීය.

ප‍්‍රදීප් ජයවර්ධන මහතා සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියට සහ කුරුඳුවත්ත පොලිසියට පැමිණිලිකර තිබේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment