කොළඹ මහ රෝහලේ කොවිඩ් පොකුරක් – වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324කට ආසාදිතයි

1255

කොළඹ ජාතික රෝහලේ  හෙද-හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 324 දෙනකුට කොවිඞ් ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.

ඊයේ නිකුත් කෙරුණු පරීක්‍ෂණ වාර්තා අනුව මේ බව හෙළිවී තිබේ.

කොවිඞ් ආසාදිතයන් අතර වෛද්‍යවරුන් 27 දෙනෙකු ද, හෙද – හෙදියන් 105 දෙනකු ද, රෝහල් කනිෂ්ඨ කාර්ය සහායකයින් 133 දෙනකු ද වන බව හෙළිවී තිබේ.

දැනටමත් රෝහල් වාට්ටු 14 ක කොවිඞ් රෝගීන් 700 ක් පමණ පිරිසක් ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද ඒ මහතා කීය.

මෙහිදී තවදුරටත් කතා කළ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කීය.

‘‘කොළඹ ජාතික රෝහලේ දැන් දැඩි අවදානමක් තියෙන්නේ. කොවිඞ් පටන්ගත් දවසේ ඉඳලා මේ දක්වා කාලයේදී රෝහල් කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ආසාදිතයන් බවට පත්වෙලා තියෙනවා. දැන් මේ කොවිඞ් රෝගීන්ගෙන් ජාතික රෝහල පිරීයෑම නිසා අනෙකුත් රෝග සඳහා ප‍්‍රතිකාර ගන්න රෝගීන්ටත් කොවිඞ් වැළඳීමේ අවදානමක් මතුවෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් කාර්ය මණ්ඩලයට කොවිඞ් වැළඳීම නිසා අනෙකුත් කාර්ය මණ්ඩලවලට වැඩ වැඩිවීමෙන් ඒ අය හෙම්බත්වෙලයි ඉන්නේ. අපි කියන්නේ මේ රෝහලේ කොවිඞ් රෝගීන් මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට සහ දෙමටගොඩ කොවිඞ් අතරමැදි මධ්‍යස්ථානයට ඇතුළත් කරලා ප‍්‍රමාණය අඩුකරන්න කියලයි. මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ඇඳන් 1000 ක් තියෙනවා. මෙහෙම ගියොත් ජාතික රෝහලත් කොවිඞ් රෝහලක් වෙයි. අනෙකුත් ප‍්‍රතිකාර ගන්න එන අය නිවෙස්වලම මැරෙන තත්ත්වයක් ඒවි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment