කොළඹ මාර්ග තදබදයට බෝට්ටු

391

කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මහ මාර්ග තදබදයට විසඳුමක් ලෙස බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වා සූර්ය පැනල මගින් ක්‍රියාත්මක වන පරිසර හිතකාමි බෝට්ටු සේවාවක් හඳුන්වාදීම නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (23 දා) සිදුවිය.

බත්තරමුල්ල දියත උයන සහ හීනටිකුඹුර සිට වැල්ලවත්තට මෙම බෝට්ටු මගින් විනාඩි 30 ක් ඇතුළත ළඟාවීමට හැකියාව පවතී. බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් පුද්ගලයකුගෙන්

රුපියල් 200 ක් අය කෙරෙන අතර අග්ගොන හීනටිකුඹුර සිට වැල්ලවත්තට එක් අයකුගෙන් රුපියල් 300 ක් අය කෙරේ. දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවාව ක්‍රියාත්මක වන අතර එක බෝට්ටුවක පුද්ගලයන් 08 දෙනකුට ප්‍රවාහන පහසුකම් සැපයේ.

බත්තරමුල්ල හා ඒ අවට රජයේ හා පුද්ගලික කාර්යාල, ගේට්වේ ජාත්‍යන්තර පාසල, නාවල විවෘත විශ්වවිiාලය, 176 බස් මාර්ගය, 138 සහ 122 බස් මාර්ග, වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආදී ස්ථානවලට මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවිය හැක.

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය, නාගරික කොමසාරිස් ශානිකා රණසිංහ යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment