කොළඹ මුව ආවරණ නොදැම්මොත් නීතිය තදයි… පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

139

කොළඹ නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් ගන්නා පුද්ගලයින් හා වෙළෙඳාම් කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා ‘‘දිවයින’’ට ඊයේ (19 වැනිදා) පැවැසීය.

දැනටත් සමහර පුද්ගලයින් නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන්කරන බවට පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

කොළඹ නගරයේ පදික වෙළෙඳාම් කරන ස්ථානවල, කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ, බස් නැවතුම්පළවල් ආශ‍්‍රිතව බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment