කොළඹ යාපනය බසය කිළිනොච්චියේදී මහපාර මැදම පෙරළිලා – මගීන් 23කට තුවාල

89

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අති සුඛෝපභෝගී බස් රථයක් 5 දා අලු‍යම කිළිනොච්චියේ 155 වෙනි කිලෝ මීටර් කණුව ආසන්නයේදී මහ පාර මැද පෙරළී යාම නිසා මගීන් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අතර තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහලේ වෛද්‍යවරු පැවසූහ.

මෙම අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ රියදුරුට මාර්ගය නොපෙනීමත් ඔහුට නින්දයාමත් නිසා මෙම අනතුර සිදුව ඇති බවයි. මෙම බස් රථ රාත්‍රියේ ගමන් ආරම්භ කොට අළුයම් කාලයේදීත් ගමන හමාර නොවන නිසා රියදුරන් අධික වෙහෙසට පත් වී සිටීමත් ඔවුන්ට නින්දයාමත් නිසා මෙවැනි අනතුරු සිදුවන බව පොලීසිය ප්‍රකාශ කරයි.

කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment