කොළඹ වටිනා ඉඩම් විකිණීමට සූදානම්… පත්කළ මන්ත‍්‍රිනි හරිනි අමරසූරිය

344

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුව තරුණයන් ලක්‍ෂයකට ව්‍යවසායකයන් ලෙස ඉදිරියට යෑම සඳහා ඉඩම් ලබාදී සියලූ සැලසුම් සකස් කරමින් පවතින බව ඉඩම් සංවර්ධන ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (22දා* පාර්ලිමේන්තුවේදී පැවැසීය.

 වැඩසටහනට විශාල ලෙස බාධා පැමිණියත් ඊට මුහුණ දෙමින් ඉදිරි පියවර ගනිමින් සිටින බවද ඇමැතිවරයා කියා සිටියේය.

පත්කළ මන්ත‍්‍රිනි හරිනි අමරසූරිය (ජා.ජ.බ.)

කොළඹ වටිනා ඉඩම් විකිණීමට සූදානම්... පත්කළ මන්ත‍්‍රිනි හරිනි අමරසූරිය

කොළඹින් පිට ගිය විට ඉඩම් සංවර්ධනය කර විකිණීමට ආණ්ඩුව ඉඩම් සංවර්ධනයට යෝජනා අනුමත කරනවා. රජය සංවර්ධනය කියන එක දකින හැටි ප‍්‍රශ්නයක්.

 කොළඹ කොටුව ප‍්‍රදේශයේ වටිනා ඉඩම් විකිණීමට සූදානම් වන බව දන්නවා. මේ සංවර්ධන මොඩලය රටේ ජනතාවගේ බැඳීම් සමඟ කොපමණ ගැලපෙනවාද කියා සිතිය යුතුයි. කොටුව ප‍්‍රදේශයේ ඓතිහාසික ප‍්‍රදේශ වගේම ජනතාව ජීවත්වන ප‍්‍රදේශයක්. ජනතාව ඉවත් කරලා කවුරු වෙනුවෙන්ද සංවර්ධනය කරන්නේ.

 පරිසරය ආරක්‍ෂා කරන මුවාවෙන් විවිධ දේ සිදුකළ හැකියි. ඇවිදින මංතීරු ඇති කළද ඒවාට යා හැක්කේ කාටද කියා සිතිය යුතුයි. ඉතා සුළු පිරිසකට පමණක් ප‍්‍රතිලාභ ලැබෙනවා නම් එය නොව සංවර්ධනය. පොදු ජනයාට ප‍්‍රතිලාභ ලැබිය යුතුයි.


 කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා (සජබ*

 මේ රජය රටේ වටිනා ඉඩම් සංවර්ධනය කරනවාද සංවර්ධනය මුවාවෙන් වෙන ජාවාරම්කරුවන්ට ලබාදෙන්න යනවාද කියා බය ඇතිවී තිබෙනවා.

 සෙලෙන්දිවා නමැති ආයතනයක් පිහිටුවා කොළඹ වටිනා ඉඩම් ඊට පවරාගෙන ඒවා සංවර්ධනය කරන බව පවසනවා. මේ ආයතනය යටතට පෞරාණික ඉඩම් රැුසක් පවරාගෙන තිබෙනවා. කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණය එය යටතට අරගෙන. මේවා විදේශිකයන්ට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. අද විදේශ විනිමය රටේ නැහැ. ජී. එස්. පී. ප්ලස් නැති වෙන්න යනවා. රට අසීරු තත්ත්වයකට වැටෙමින් පවතිනවා. රටේ උරුමය විකුණනවාට අපි විරුද්ධයි.

 පාර්ලිමේන්තුව අද (23 දා* පෙරවරු 10.00 ට යළි රැුස්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment