කොළඹ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කරලා

211

මේ වන විට කොළඹ නගරයේ වටිනා ඉඩම් සහ ගොඩනැගිලි 15 කට වඩා වැඩි ප‍්‍රමාණයක් විකිණීමට ආණ්ඩුව දැන්වීම් පළ කර ඇතැයි ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (28දා* පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේ ද කීය.

අද වන විට රට තුළ ඇඳිරි නීතිය පනවා තිබුණත් පාරට බැස්සම තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක්. අද ඇඳිරි නීතිය වචන දෙකක් බවට පත් වෙලා. එදා ඇඳිරි නීතිය ගැන එව්වාම පාරේ මිනිස්සු හිටියේ නෑ. වාහන තිබුණෙ නෑ. කඩ ඇරලා තිබුණේ නෑ. අත්‍යවශ්‍ය සේවා පමණයි. විවෘතව තිබුණේ නමුත් අද සාමාන්‍ය දින වලටත් වඩා ජනතාව වාහන පාරේ ගමන් කරනවා. ඒ අතරේ දේශපාලන වැඩත් සිදුවෙනවා පොහොට්ටුවේ පක්ෂ කාර්යාලය විසින් සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබෙනවා දේශපාලන රැුස්වීම් කැඳවන්න. පසුගිය සතියේ අපි දැක්කා සී. බී. රත්නායක, සරත් අමුණුගම ඇමැතිවරු විසින් රැුස්වීම් පැවැත්වුවා. කොහොමද ඇඳිරි නීතියක් තිබෙන මොහොතක මහජනතාව කැඳවන්නේ. රටේ නීතියට මොකද වෙන්නේ එය දූෂණයට ලක් වෙලා.

අද වෙනවිට අහිංසක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වෙලා. එහිදී මුලදී ගෑස් හි`ගයක් අපි දැක්කා. නමුත් දැන් භාණ්ඩ ගණනාවක් හිඟ වෙලා සහල් කිරිපිටි ගෑස් සිමෙන්ති වෙළඳපොළේ නැහැ. ඒ වෙනුවෙන් ආණ්ඩුවේ මිල සූත‍්‍රයක් තිබෙනවා. මුලින් භාණ්ඩ සැඟවීම + පසුව සොයාගැනීම + ඉන්පසුව මිල වැඩි කිරීම. අද වෙළඳපොළේ හාල් ගන්න බැරි නම් දරුවන්ට කිරි පිටි ගන්න බැරිනම් පාන්

ගෙඩියක් හදාගන්න වෙළඳපොළේ පිටි ගන්න බැරිනම් සිමෙන්ති ටිකක් ගන්න බැරිනම් ආණ්ඩුවක් වැඩක් නැහැ. සංවර්ධනය ගැන කතා කරන ආණ්ඩුව නමුත් සිමෙන්ති කොට්ට දෙකක් ලබාගන්න බැරි තත්ත්වයක් අද ඇති වෙලා. අද වන විට අපේ රට බංකොලොත් තත්ත්වයට පත්කරලා. රටවල් බංකොලොත් වෙනවා අහල තිබුණට දැකලා තිබුණේ නැහැ. එය අපි දැන් අත්විඳිමින් තිබෙනවා. ආණ්ඩුව

දිගටම හිට ගත්තේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ පැත්තෙ. සහල් මාෆියාවට තිත තබනවා කිව්වා. ආපු ගමන් වී මෝල් වැටලෙව්වා මෝල් හිමියන් දණගස්වනවා කිව්වා. එවැනි නාට්‍ය රඟ දැක්වීම කළා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment