කොළඹ වරායේ ඇති නැවේ පොහොර ගොඩ බාන්න දෙන්නේ නැහැ

733
default

රසායනික පොහොර මෙට්‍රික්‌ ටොන් 10,000 ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇත. නමුත් රජයේ කාබනික පොහොර තීරණය අනුව යමින් එම පොහොර තොග ගොඩබෑමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පැවසීය. දේශීය පොහොර ආනයනික සමාගමක් මගින් අදාළ පොහොර තොගය ඇණවුම් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් අපේ‍්‍රල් මස 27 වැනිදා ප‍්‍රකාශයට පත්කළ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ කැබිනට් තීන්දුවට පෙර යැයි ඔවුන් විසින් සඳහන් කර ඇතත්, ඒ පිළිබඳව සමාගම කරුණු හරි හැටි අනාවරණය කළ යුතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
 පොහොර තොගය නැවට පටවා මාස තුනක් තිස්සේ අදාළ නැව සිංගප්පූරුවේ වරායක අලූත්වැඩියාවක් කරමින් සිටි බව කියන කතාව පිළිගත නොහැකි බවද, මෙම පොහොර තොගය පමණක් නොව, එම්. ඕ.පී. කන්ටේනර් 80 ක් ඇතුළු තවත් පොහොර තොග වරායේ රඳවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
 ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment