කොළඹ වරායේ ග්‍රෑන්ඩ් දොඹකර දෙකක් යකඩවලට විකුණන ටෙන්ඩරය අද අරී

125

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ ඇති විශාල ග්‍රෑන්ඩ් දොඹකර දෙකක් පරණ යකඩ සඳහා එක්තරා පුද්ගලයකුට කුණුකොල්ලයට ලබාදීම සඳහා සැලසුම්සහගතව දැමූ ටෙන්ඩරය අද (14 දා) වරායේ සේවා සැපයුම් අංශයේදී විවෘත කිරීමට නියමිතය.

අදාළ පුද්ගලයාටම පමණක් ටෙන්ඩරය හිමිවන පරිදි දොඹකර පරණ යකඩවලට කැපීමේ පස්වසරක පළපුරුද්දක් අවශ්‍යයි යනුවෙන් අරුම පුදුම ටෙන්ඩර් කොන්දේසියක් පනවමින් වරාය බලධාරීන් මෙම සැලසුම ක්‍රියාත්මක කර ඇතැයි ටෙන්ඩරයට ඉදිරිපත්වූවෝ පවසති. එම සුදුසුකම ඇත්තේ කොළඹ වරායේ ග්‍රෑන්ඩ් දොඹකර කාලයක සිට පරණ යකඩවලට කපා රැගෙන යන ටෙන්ඩරය ලබාදීමට සූදානම් වන පුද්ගලයාට පමණක් බව ද ඔවූහු පෙන්වා දෙති.

මේ වනවිටත් අදාළ පුද්ගලයා පරණ යකඩවලට කැපීමට ලබාගත් දොඹකරයක් අතවත් නොතබා වරායේ තිබෙන අතර වරායේ මිස, යකඩවලට කැපීමට ග්‍රෑන්ඩ් දොඹකර ගොඩබිම කොතැනකවත් නොමැති නිසා මෙම ටෙන්ඩර් කොන්දේසිය හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ද එම පිරිස සඳහන් කරති.
කොන්දේසිය නිසා ටෙන්ඩරය යන්නේ එකම පුද්ගලයකුටයි

advertistmentadvertistment
advertistmentadvertistment