කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් ගාස්තු අයකරයි

341


කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සිදුකරන ආයෝජකයින්ගෙන් අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභාව තීරණය කර තිබේ.
ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඉකුත් 28 වැනිදා නිකුත් කර ඇත.
සෑම වසරකම මාර්තු 31 වැනිදායින් අවසන් වන මාස 12ක කාලසීමාවකට යටත්ව මෙම බල පත්‍රය නිකුත් කරනු ලැබේ.
ඉදිරිපත් කෙරෙන අයදුම් පත්‍ර ඇගයීමට ලක්කිරීමෙන් පසු කොන්දේසිවලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබාදෙන අතර, ආයෝජකයින් මහ බැංකුවේ නියාමයන්ටද අනුකූල විය යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම දන්වා ඇත.
අවසර ලත් ආයෝජකයිනට කොළඹ වරාය නගර බල ප්‍රදේශයේ සහ ඉන් පිටත ව්‍යාපාර කරගෙන යාමට සුදුසුකම් හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment