කොළඹ වාහන තදබදය ගැන ගුවනින් නිරීක්‍ෂණ මෙහෙයුමක්

125

කොවිඞ් – 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ කි‍්‍රයාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමග කොළඹ ප‍්‍රදේශය තුළට වැඩි රථවාහන ප‍්‍රමාණයක් ඇතළු වීම නිසා දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ. ඒ පිළිබඳව නිරීක්‍ෂණයන් සිදුකර අවශ්‍ය නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් ලබාදී ඇත. රථවාහන තදබදය ගුවනින් නිරීක්‍ෂණ කිරීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදා ඇත. කොළඹ ප‍්‍රදේශයේ රථවාහන තදබදය නිරීක්‍ෂණය කිරීමේ ඒකාබද්ධ මෙහෙයුමක් ශී‍්‍ර ලංකා පොලිසිය සමග එක්ව ඉකුත් 25 සහ 26 යන දිනවල සිදුකරන ලදී.

කොළඹ වාහන තදබදය ගැන ගුවනින් නිරීක්‍ෂණ මෙහෙයුමක්

ඒ අනුව ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් නෙළුම් පොකුණ මංසන්ධිය, ආයුර්වේද වටරවුම, දියත උයන ප‍්‍රදේශය, පංචිකාවත්ත ප‍්‍රදේශය, නව කැලණි පාලම ප‍්‍රදේශය හා පාර්ලිමේන්තුව අසල මංසන්දිය මූලික කරගනිමින් නිරීක්‍ෂණ මෙහෙයුම් සිදු කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment