කොළඹ සරසවියේ නීති පීඨයේදී ජනපතිට හරසර සහ විරෝධයක්

386

විධායක ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (10දා) ආදි සිසුවකු ලෙස ප්‍රථම වරට කොළඹ සරසවියේ නීති පීඨයට පැමිණි අවස්ථාවේ උණුසුම් පිළිගැනීමකට මෙන්ම සිසුන් පිරිසකගේ හූ සංග්‍රහයකටද ලක්විය.

කොළඹ විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ ඊ්ජන එද එයැ ත්‍්ජමකඑහ දf ක්අ – ක්අ f්ජමකඑහ වැඩසටහනට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නීති පීඨයේ පීඨාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට සහභාගී විය.

කොළඹ සරසවියේ නීති පීඨයේදී ජනපතිට හරසර සහ විරෝධයක්

උත්සවයට සහභාගීවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපකුලපති, නීති පීඨයේ පීඨාධිපති සහ නීති පීඨ නීති සංගමයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය. ජනාධිපතිවරයා මෙහිදී සිසුන් සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට මෙන්ම සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය සම්පත් පුංචිහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මධුර විතානගේ, ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව සිටියහ.

කොළඹ සරසවියේ නීති පීඨයේදී ජනපතිට හරසර සහ විරෝධයක්

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීමට සහ ඒ සඳහා ස්ථිර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල බලධාරීන්ට උපදෙස් දුන්නේය.

යටිතල පහසුකම් සංවර්ධනයට වඩා ගුණාත්මකභාවය ඉහළනංවා ගැනීම තුළින් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අතරට කොළඹ විශ්වවිද්‍යාලය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවත් එසේ වුවහොත් විදේශීය සිසුන්ද මෙරටට ගෙන්වා ගත හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ තරම් පහසුකම් නොතිබූ අතීතයේදී පවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ මට්ටමක පැවැති බවද ජනාධිපතිවරයා ඇතුළු පිරිස සිහිපත් කළහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ඉදිකිරීමේ සැලැස්මේ ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා කරුණු විමසූ අතර, ඒ සඳහා අක්කර හතරක ප්‍රදේශයක් වෙන් කර ඇති බව අනාවරණය කෙරිණි.

ජනාධිපතිවරයා නීති පීඨයේ සාකච්ඡාවට සහභාගීවීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී සිසුන් පිරිසක් පපරේ නළා ශබ්ද කරමින් හූ සංග්‍රහයක් ආරම්භ කළද ජනාධිපතිවරයා වගේ වගක් නැතිව සිනහමුසු මුහුණින් එම ස්ථානයෙන් පිටව යනු දක්නට ලැබිණි.

මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු ආදි විද්‍යාර්ථින් විශාල පිරිසක් ජනාධිපතිවරයා පිළිගැනීමේ අවස්ථාවට එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment