කොළඹ සරසවියේ පර්යේෂණ නිෂ්පාදන වෙළෙඳපොළින් ආදායම් උපදවයි

144

කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩිදියුණු කරන ලද නිෂ්පාදන, වානිජ නිෂ්පාදන ලෙස වෙළෙඳපොළට එළිදක්වමින් සාර්ථක ලෙස ආදායම් උත්පාදනය කිරීමට සමත්ව ඇත.

වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදස් පළවෙමින් පවතින මොහොතක මෙය සිදුවීම විශේෂත්වයකි. කොළඹ විශ්වවිද්‍යාලයේ රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්‍ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදුකළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රීත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් මෙම මුදල් හිමිව තිබේ. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමග ගිවිසුම් ගතව ඇත්තේ ෆැඩ්නා ලයින් සයන්ස් සමාගමයි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා වෙත අදාළ මුදල භාරදුන් අයුරුයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment