කොළඹ සහ අවට කොවිඩ් වැඩිවෙයි – රෝගීන්ගේ ජෛව පටල සාම්පල තවත් විශ්ලේෂණයක් අද – විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර

142

කොළඹ සහ ඒ අවට ඔමික්‍රෝන් බී. ඒ පහ (කොවිඩ්) සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන බැවින් අද (08 දා) සිට කොවිඩ් රෝගීන්ගේ ජෛව පටල සාම්පලවල තවත් විශ්ලේෂණයක් සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ‘දිවයින’ට පැවසීය.

අද සිදුකරන මෙම විශ්ලේෂණය තුළින් අදාළ ඔමික්‍රෝන් වෛරසය පිළිබඳව නවතම තොරතුරු ඉන් සොයා ගත හැකි බව ද හෙතෙම කීය.

මීට දින කීපයකට පෙර කොවිඩ් රෝගීන් 24 දෙනකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී ඉන් සාම්පල විස්සක ඔමික්‍රෝන් බී. ඒ. 5 කොවිඩ් අනුප්‍රභේදය තිබී හමු වූ බව ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment