කොළඹ සිට නේපාලයේ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවා  ඇරැඹීමට සාකච්ඡා

118

කොළඹ සිට නේපාලයේ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරිම පිළිබඳව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂු දේව් මිස්රා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (12දා) පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

 මෙහිදී නේපාල තානාපතිවරයා ඉල්ලා සිටියේ දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවාවන් කොළඹ සිට නේපාලයේ අගනුවර වන කත්මණ්ඩු දක්වා ක්‍රියාත්මක වන බවත් එම සේවාවන් ලුම්බිණි නගරය දක්වා ක්‍රියාත්මක කරන ලෙසයි. මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් කියාසිටියේ මෙය ඉතා කාලෝචිත යෝජනාවක් බැවින් මේ පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සේවය, සිවිල් ගුවන්සේවා අධිකාරිය, ගුවන් තොටුපළ සමාගම යන ආයතන සමග සාකච්ඡාකොට කඩිනමින් පිළිතුරක් ලබාදීමට කටයුතුකරන බවයි. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාද සහභාගි විය.

advertistmentadvertistment
advertistmentadvertistment