කොළඹ සිට පුත්තලම එළුවන්කුලම් මන්නාරම තල්ලඩි හරහා යාපනයට බස් මග යළි විවෘත කෙරේ

38

කොළඹ සිට පුත්තලම, එළුවන්කුලම්, මන්නාරම තල්ලඩි හරහා යාපනය දක්වා දිවෙන බස් මාර්ගය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ කමිටුව අදාළ ප්‍රදේශවල සෘජු ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවට අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිත පිරිසක්ද සහභාගි වූහ.

මෙහිදී ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උනයිස් ෆාරුක් මහතා නියෝජිත පිරිසට කියා සිටියේ මෙම මාර්ගය කොළඹ සිට පුත්තලම, එළුවන්කුලම්, මරිචුක්කට්ටි, කරෝෂි, නානාටන්, තල්ලඩි හරහා යාපනයට යා හැකි මාර්ගයක් බවයි. එසේම මෙම කලාපයේ විශේෂ පූජනීය ස්ථානයන් වන තිරුකේතීස්වරන් මඩු පල්ලිය වැඳ පුදා ගැනීම පිණිස දකුණේ සිට පැමිණෙන වන්දනාකරුවන්ට පැමිණීමට ඇති පහසුම මාර්ගය බව ද ඔහු සඳහන් කළේය. දැනට ඒ සඳහා ගමන් කරන මාර්ගය කිලෝමීටර් 240 ක දුරක් වන නමුත් පැරණි මාර්ගය යළි විවෘත කර ගැනීමෙන් එම දුර ප්‍රමාණය වෙනුවට කිලෝ මීටර් 35 කින් එම පූජනීය ස්ථානවලට පැමිණිය හැකි බවද උනයිස් ෆාරුක් මහතා පෙන්වා දුන්නේය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment