කොළඹ හතේ පියුමි පටන් ගත්ත අලුත්ම ව්‍යාපාරය

837

කසාදයට හදිසියක් නෑ… ගොඩක් නිළියෝ මාව කපනවා
මම දැන් පාඩුවේ ඉන්නෙ

බොහොම ආදරණීය ඡායාරූප සමාජ මාධ්‍යයට එකතු කරපු ගමන් ඇයට ලැබෙන්නේ හරි ආදරණීය ප්‍රතිචාර. ෆොටෝ එකක් අප්ලෝඩ් කළාම දෙදාහක් තුන්දාහක් ඇයට කමෙන්ට් කරනවා. කවුරු කොහොම කිව්වත් ඇය සමාජ මාධ්‍ය කළඹන සුන්දර කාන්තාවක්. හැමෝම දන්න ඇය පුංචි පුතකු ඉන්න පියුමි හංසමාලි. පියුමිගේ ජීවිතයේ ඉටු නොවුණු බලාපොරොත්තු රැසක් ඉෂ්ඨ වෙන්නයි යන්නේ.

ඇගේ ජීවිතයේ තිබුණු ලොකුම හීනය තමයි කවුරුත් නොකරපු විදිහේ සැලෝන් එකක් පටන් ගන්න. හැමෝම කරන්නේ මුහුණටයි” කොණ්ඩෙටයි සැලෝන් පටන් ගන්න එකනේ. හැබැයි පියුමිගේ වැඩේ නම් ඊට හාත්පසින්ම වෙනස්.

කොළඹ හතේ පියුමි පටන් ගත්ත අලුත්ම ව්‍යාපාරය


ඔන්න හැමෝම බලාපොරොත්තු වුණු මගේ සැලෝන් එක Colombo 7 වල පටන් ගන්නයි හදන්නේ. සැලෝන් කිව්වහම ලංකාවේ සැලෝන් ගොඩක් තියෙනවා. නමුත් මට ඕනෑ වෙනස්ම සැලෝන් එකක් කරන්න. මම නිතර නිතර තුර්කියට යනවා. එහේ තිබුණු බියුටි පැජන්ට් එකක් මම දිනුවා. ඉතිං හැම අවුරුද්දේම තියෙන ඒ බියුටි පැජන්ට් එක ජජ් කරන්න මට ආරාධනා කරනවා. ඒ ගිය අතරතුරේ තමයි මම සැලෝන් එකකට ගියේ. ඒ සැලෝන්වල වෙන්නේ බොඩි ට්‍රීට්‌මන්ට්‌. ඒවා ලංකාවේ වෙන්නේ නැහැ.

මට ඕනෑ නැහැ වෙන සැලෝන්වල කරන දේවල් මගේ සැලෝන් එකේ කරන්න. නමුත් බොඩි එක ඩැමේජ් වෙන්නේ නැතිව හොඳ ට්‍රීට්‌මන්ට්‌ කරන සැලෝන් එකක් ලංකාවේ නැහැ. මම කරන්න ඕනෑ කවුරුත් නොකරන දෙයක් හින්දා ඒ වැඩේ ලංකාවේ පටන් ගන්නවා. වෙනස්ම හැඩයකින් තමයි ඒ වැඩේ කරන්නේ.

ලංකාවේ නළු නිළියන්ට නිරූපිකාවන්ට ඕනෑ තරම් සැලෝන් තියෙනවා. හැබැයි පියුමි හංසමාලි Colombo 7 වල පටන් ගන්න වෙනස්ම වැඩක් හැටියට තමයි මේක ගන්න පුළුවන්.

තව කෙනෙකුගේ හැකියාවන් නැති කරන්න ඕනෙත් නැහැ. ඒ වගේම තව කෙනෙකුගේ බිස්නස් එකක් නැති කරලා මට බිස්නස් එකක් පටන් ගන්න වුවමනාවක් නැහැ. මොකද මම විතරද රජ වෙන්න ඕන. නැහැනේ. ඒක හින්ද මම හිතුවා කිසිම කෙනෙක් නොකරන දෙයක් මේ ලංකාව ඇතුළේ පටන් ගන්න.

පියුමි එහෙමත් හිතන චරිතයක්. ඔය අතර පසුගිය දවස්වල පියුමි හංසමාලි කසාද බඳිනවා කියලත් කතාවක් පැතිරුණා. අද වෙන කොට පියුමි ඒ ගැන හිතන්නේ මෙන්න මේ විදිහට.

කොළඹ හතේ පියුමි පටන් ගත්ත අලුත්ම ව්‍යාපාරය

ඉක්මනට කසාද බඳින්න ඕනෑ කියන අදහසේ හිටියා. නමුත් කසාදයට ගැහැනු ඉක්මන් වෙන්න හොඳ නැහැ. එකිනෙකා අඳුරගන්න කාලයක් යන්න එපායැ. මුලින්ම යාළු වුණු මුල් මාස හතර පහ හරිම ජොලි. සමහර වෙලාවට මේ ජීවිතයේ මිනිස්සු රඟපානවා. මුලින් පෙන්වන රූපය නෙමෙයි පස්සේ පෙන්වන්නේ. මගේ මේ අවුරුදු 30 ක ජීවිතයේ අත්දැකීම් අනුව එහෙම මිනිස්සු මට සෑහෙන හම්බවෙලා තියෙනවා. ඉතිං ඒ අත්දැකීම් එක්ක මමයි මහත්තයයි එකඟතාවකට ආවා මෙහෙම කාලයක් ඉන්න. විවාහය කියන දේට මම දැන්ම කිසිසේත්ම යන්නේ නැහැ. එයාගේ නම් ලොකු ආසාවක් තියෙනවා. ඉක්මනටම විවාහ වෙන්න. නමුත් මම කියලා තියෙන්නේ අපි මෙහෙම ටික කාලයක් ආශ්‍රය කරමු. මට මැරි කරන්න බැහැ කියලා. මම දන්නේ නැහැ ඒක ඉස්සරහට කොහොම වෙයිද කියලා. දැනට නම් අපි දෙන්නම තීරණය කරල තියෙනව මෙහෙම අවුරුදු දෙක තුනක් ලිවින්ටුගෙදර් ඉමු කියලා. මම කොහොමත් ලංකාවෙන් යන්න හිටපු කෙනෙක්. එයා මුණගැහුණාම ඒ ආසාව නැතිව ගියා. ඉන්න පුළුවන් කාලයක් ඉන්නවා. හිතුනොත් අපි දෙන්න මැරි කරනවා.

ජැක්සන් ඇන්තනී සමඟ පියුමි හංසමාලි රඟපෑ චිත්‍රපටයට අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ. පියුමි ඒ ගැන වෙනස්ම තීරණයකුත් අරගෙන.

“මගේ මහත්තයා ෆිල්ම් මියුසික්” වීඩියෝ වගේ කිසි දෙයක් කරනවාට කැමැති නැහැ. මම ඒ දවස්වලම ජැක්සන් අයියට කිව්වා චිත්‍රපටයට එන්න විදිහකුත් නැහැ කියල. මම හිතන්නේ මට ආපසු ඉන්දියාවේ චිත්‍රපටයක් ආවත් කරන්න වෙන එකක් නැහැ. මහත්තයා ඒවාට කැමති නැහැ. අනික මම කොහොමත් ලංකාවේ ටෙලි නාට්‍ය. චිත්‍රපටවල ගොඩක් රඟපෑව චරිතයක් නෙමෙයිනේ. ගොඩක් නිළියෝ මාව හරියට කපනවා. ගෲප් හදාගෙන ටි්‍රප් යන සෙට් එකක් ඉන්නවා. මේ හරිම කුහක සෙට් එකක්. මට වුවමනාවකුත් නැහැ රඟපාල ෆේමස් වෙන්න. නමුත් මොකක් දෝ පිනකට මට සෑහෙන ෆෑන් බේස් එකක් ඉන්නවා.”

පියුමිගේ මිත්‍රයා වන රන්ජන් රාමනායක හිරේ ඉඳලා ළඟකදී නිදහස් වුණා. ඇත්තටම පියුමිට කතා බහ කළේ නැතිද කියලත් අපි අහලා බැලුවා.

“තවම කතා කරන්න බැරි වුණා. මම දැන් ඇත්තටම පාඩුවේ පැත්තකට වෙලා මගේ මහත්තයත් එක්ක ඉන්නේ. රන්ජන්ව බලන්නත් හිරේට ගියා. ඔහු එළියට එනකම් මමත් ෆේස් බුක් එකේ ෆයිට් කළා. ඉතිං දැන් එයා එළියට ඇවිත් ඉන්නේ. මම හිතන්නේ මගේ මහත්තයත් එයත් එක්ක කතා කරනවාට ලොකු කැමැත්තක් නැහැ.”

හදිසියේවත් රන්ජන් චිත්‍රපටයක් කරන්න කතා කළොත් පියුමිගේ  රඟපෑමේ තීරණයත් වෙනස් වෙන හැඩක් තියෙන්නේ.

“රන්ජන් අයියා කතා කළොත් සමහර විට මම මහත්තයගෙන් අවසර අරගෙන රඟපාන්නත් ඉඩ තියේවි. මොකද මගේ පාසල් යන කාලේ ඉඳලා ආස නළුවා. ලංකාවේ ඉන්න ජනතාවගේ මුදල් හොරකම් කරපු නැති එකම මනුස්සයා. මහත්තයා ඕකේ කිව්වොත් මම රන්ජන් අයියත් එක්ක රඟපානවා.

අසරණ පවුලක් වෙනුවෙන් පිහිට වෙන්නත් පියුමි හංසමාලි පසුගිය දවස්වල ඉදිරිපත් වුණා. ඉතිං අපි ඒ ගැනත් ඇහුවා.

මම මුලින්ම කියන්න ඕනේ ඔය වගේ දේවල් කරන්නේ අද ඊයේ නෙමෙයි. මම ඒ කාලේ ඉඳලා මිනිස්සුන්ට උදව් කරන්න කැමති කෙනෙක්. මොකද අපි කවදා හරි දවසක ගෙනියන්නේ ඔය කරන පිනක් විතරයි.

සමාජ මාධ්‍ය ගැන පියුමිට තියෙන්නේ වෙනස්ම කියැවීමක්.

මම ෆොටෝ එකක් දැම්මම ඒකට කමෙන්ට් දාන්නේ මට ආදරය කරන ෆෑන්ස්ලා. ලංකාවේ නළු නිළියෝ ගත්තහම සමහර නිළියෝ අදටත් චිත්‍රපට 50 ක් 60 කරලත් ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබා ගන්න බැරිවෙලා තියෙනවා. මොන දේ කළත් මේ උඩ ඉන්න දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නේ. පෙරල පෙරලා කොච්චර මාව කැපුවත් මම ටීවී එක ඉස්සරහට ආවේ නැතත් මම මගේ ෆේස් බුක් ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ෆෑන්ස්ලා අතරට එනවා. මෙච්චර ආදරයක් ලබාගන්න මම ලොකු පිනක් කරලා තියෙනවා.

පියුමි ලස්සනට ඉන්නත් හරියට මහන්සි වෙනවාලු. හැබැයි කෑමට නම් තිත තියන්නෙ නැහැලු. ඒ ගැන කිව්වෙ මෙහෙම කතාවක්.

මම උදේට නැගිටින්නෙත් බත් එකෙන්. මම ජිම් යන්නෙත් බත් එකක් කාලා. මම තුන්වේලටම හොඳට බත් කාලා හැදුනු හොඳ සිංහල කාන්තාවක්. හැබැයි දවස් පහම ජිම් යනවා. හොඳට බත් කනවා. වගේම ඇඟ හදාගන්නත් හරියට මහන්සි වෙනවා.

පියුම් හංසමාලි කියන්නේ ටිකක් රණ්ඩුවට බර චරිතයක් කියලයි හැමෝම කියන්නේ. ඇත්තටම පියුමි ඒ වගේ චරිතයක් ද?

මෙහෙමයි. මට වලියට බර වෙන්න තරම් මානසික ලෙඩක් නැහැ. නිකම් ඉන්න මට ඇත්තටම කේන්ති යන්නේ මොනවා හරි බොරු චෝදනාවක් කළොත් තමයි. එහෙම වුණොත් පැටලෙන්න යනවා මිසක නිකං ප්‍රශ්න දාගන්න යන්නේ නැහැ. වලියක් දැක්කත් අහක බලාගෙන යනවා. රණ්ඩු සරුවල් පැත්තකට දාලා මම දැන් පාඩුවේ ඉන්නේ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment