කොළඹ හෝටල්වල කිරි තේ එකක් රු. 60 – 80ට නගී

163

වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගරය ඇතුළු බොහෝ නගරවල හෝටල් හිමියන් කිරිතේ එකක් රුපියල් 60 – 80 වැනි අධික මිල ගණන්වලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

මෙය ඉතාමත් අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා එවැනි හෝටල්වලට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනතාව පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා තිබිණි. මේ පිළිබඳව ප‍්‍රශ්න කිරීමට යෑමේදී බොහෝ හෝටල් හිමියන් හා සේවකයන් පාරිභෝගික ජනතාව සමඟ බහින්බස්වීම හා ගැටුම් ඇති කර ගන්නා බව ද පැවසේ. මේ සම්බන්ධයෙන් සොයා බලා කිරිතේ සහ ප්ලේන්ටී සඳහා පාලන මිලක් පනවන ලෙස ද ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment