කොළොන්නාවේදී ති‍්‍රරෝද රියක සිටි  තරුණයකුගේ හිසට  වෙඩි තියලා

286

ගමගේවත්ත ප‍්‍රදේශයට පෙරේදා (31 දා) රාතී‍්‍ර කඩා වැදුණු සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු විසින් ති‍්‍රරෝද රථයක සිටි තරුණයකුගේ හිසට ටී56 අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.

ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 34 හැවිරිදි සඳුන් තාරක නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි. මෙම ප‍්‍රහාරය එල්ල කළ සන්නද්ධ පුද්ගලයන් පැමිණි යතුරුපැදිය කඩුවෙල වෙළේ හන්දිය ප‍්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගෙන ඇත. ප‍්‍රහාරයට ලක් වූ තරුණයා හංවැල්ල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. විදේශ රටක සිටින මිතුරකු ලබාදුන් මුදලක් රැුගෙන යෑමට කොලොන්නාව ගමගේවත්ත ප‍්‍රදේශයට සිය අනියම් බිරිඳ සමග කුලී ති‍්‍රරෝද රථයකින් පැමිණ සිටියදී මොහු මෙම ප‍්‍රහාරයට ලක්වී ඇත. මෙහිදී බරපතළ තුවාල ලැබූ තරුණයාට එරෙහිව විවිධ අපරාධ චෝදනා ඇති බව ද පොලිසිය පවසයි.

නුගේගොඩ කොට්ඨාස අපරාධ අංශය භාර පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

ඡායාරූපය- කඩුවෙල – සුගත් පේ‍්‍රමතිලක
හේමන්ත රන්දුණු- කොලොන්නාව සාලමුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment