කොළොන්නාව තෙල් ගබඩාවේ වහළය උඩ ගංජා වවලා

263

කොළොන්නාව ඛනිජතෙල් තොග පර්යන්ත ගොඩනැඟිල්ලක වහළය මත සරුවට වවා තිබූ කංසා පැලයක් එහි ආරක්‍ෂක අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

රියැදුරන් රැඳී සිටින බව කියන ගොඩනැඟිල්ලේ වහළය මත පෝර උරයක වගාකර තිබූ කංසා ශාකය පොහොර සහ ජලය යොදා ඉතා සරුවට වවා තිබූ බව එහි ආරක්‍ෂක නිලධාරියෙක් පැවසීය.

ආරක්‍ෂක අංශයට ලැබුණු තොරතුරක් මත එම ශාකය සිය භාරයට ගෙන විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු කීය. මෙවැනි ශාකයක් මීට පෙරද අගමැතිවරයකු කොළොන්නාව මෙම පරිශ්‍රයේ සංචාරය කිරීමට පැමිණීම නිමිත්තෙන් සිදු කළ සෝදිසියකදී සොයාගෙන විනාශ කිරීමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment