කෝකිලාගේ නිවස ගිනි තැබූවැයි හිමිනමක් අල්ලයි

270


පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විහාරාධිකාරී හිමිනමක් නාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිකාරී අතුබොදේ ධම්ම කිත්ති හිමියන් මෙසේ අත්අඩංගුවට ගෙන ති‌බේ.

උන් වහන්සේව අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ ප්‍රේමදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment