කෝච්චියට බස් එකට ටිකට් ගත්තම පඩිය ඉවරයි… (දුම්රිය ගාස්තු වැඩි කිරීමේ ප්‍රීතිය නිමිත්තෙනි)

179

ලොව බොහෝමයක් රටවල දියුණුම, ලාභදායකම සහ වේගවත්ම ප්‍රවාහන මාධ්‍ය දුම්රිය ය. නමුත් ලංකාවේ එම තත්ත්වය ඉඳුරාම වෙනස්ය. ලංකාවේ දුම්රිය හැමදාම පාඩුය. හැමදාම ප්‍රමාදය. එමෙන්ම පහසුකම් ඉතා අල්පය. එවන් හේතු නිසා ජනතාව තරමක් දුම්රියෙන් ඈත් වී පෞද්ගලික වාහන සහ කාර්යාල ප්‍රවාහන සේවා වෙත යොමුවූහ. දුම්රියෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණි යුගයක්ද අපට තිබිණි. ගෙවීගිය වසරකට ආසන්න කාලය තුළ ඉන්ධන මිල අධික ලෙස වැඩිවීමත් සමග නැවත ජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමුවූහ. එයිනුත් බස් ගාස්තුව රොකට් වේගයෙන් ඉහළ යෑම නිසා වැඩි වැඩියෙන් දුම්රි වෙත යොමුවූහ.

එය කොතරම්ද යත් දුම්රියේ වහල මත පවා මගීන් ගමන් කරන ආකාරය දක්නට ලැබිණි. එසේ කළේ රටේ පවතින ජීවන වියදම දරාගැනීමට බැරි නිසා පොඩි හෝ අස්වැසිල්ලක් ඉන් ලැබුණු නිසාය. හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා පාත්වුණා සේ දැන් දුම්රි මගීන්ට සිදුව ඇත. ඒ දුම්රිය ගාස්තු 60්‍ර කින් ඉහළ නැංවීමට සිදුවන බව ප්‍රවාහන ඇමැතිවරයා පැවසීමත් සමගය.

මේ මස 22 වැනිදා සිට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ තරමක් පොදු ජනතාවට දැනෙන පරිදිය. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන පරිදි දුම්රිය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට ගෙන එන බව පැවසීය. ඒ අනුව තුන්වන පන්තියේ ගමන් ගාස්තුව පළමු කිලෝමීටර් 10 සඳහා එක් කිලෝමීටරයකට 2.60 දක්වාද 10 වැනි කිලෝමීටරයේ සිට 50 වැනි කිලෝමීටරය දක්වා 2.40 බැගින්ද 50 වැනි කිලෝමීටරයේ සිට 100 දක්වා 1.70 බැගින්ද 100 සිට 200 දක්වා 1.40 බැගින්ද 200 න් ඉහළ 1.40 බැගින්ද වැඩිකර ඇත. එමෙන්ම දෙවන පන්තිය පළමු කිලෝමීටර් 10 සඳහා එක් කිලෝමීටරයකට 5.20 දක්වාද 10 සිට 50 දක්වා 4.80 දක්වාද 50 සිට 100 දක්වා 3.40 දක්වාද 100 සිට 200 දක්වා 2.80 දක්වාද 200 ට ඉහළ 2.20 දක්වාද වැඩිවේ. එසේම පළමු පන්තියේ ප්‍රවේශපත්‍ර ගාස්තුව පළමු කිලෝමීටර් 10 සඳහා එක් කිලෝමීටරයකට 10.40 දක්වාද 10 සිට 50 දක්වා 9.60 දක්වාද 50 සිට 100 දක්වා 6.80 දක්වාද 100 සිට 200 දක්වා 5.60 දක්වාද 200 ට ඉහළ 4.40 බැගින්ද ඉහළ නංවා තිබේ. ඊට අමතරව තුන්වන පන්තියේ අවම ගාස්තුව රු. 20 ක් දක්වාද දෙවන පන්තියේ අවම ගාස්තුව 50 දක්වාද පළමු පන්තියේ අවම ගාස්තුව 100 දක්වාද වේදිකා ප්‍රවේශපත්‍ර ගාස්තුව රු. 20 දක්වාද ඉහළ නංවා තිබේ. ඊට අමතරව ඉන්ධන ප්‍රවාහන ගාස්තුව, තැපැල් ප්‍රවාහන ගාස්තුව, බඩු ප්‍රවාහන ගාස්තුව ආදී සියලු අංශ ආවරණය වන පරිදි ගාස්තු ඉහළ නංවා තිබේ.

පවතින ආර්ථික අර්බුදයේ ගිලී නොසිටීමට දුම්රිය නමැති තුත්තිරි ගසේ එල්ලී සිටින ජනතාවට ආණ්ඩුව පහර දී තිබේ. ආණ්ඩුව පහර දෙනවිට පහර දෙන්නේ පන්න පන්නාය. එහි නැවතුමක් ඇත්තේම නැත. දැන් ඉතුරු වී ඇත්තේ පා පැදිය පමණි. එයද දැන් ලක්‍ෂයේ සීමාවට ළංවෙමින් තිබේ. අවසානයේ සිදුවන්නේ කකුල් දෙකට පින් දී පයින්ම යෑමටය. ආණ්ඩුව දුප්පත් ජනතාව නැතිකරනවා යැයි පැවසුවාට මේ තරම්ම නැතිකරයි කියා සිහිනෙන්වත් නොසිතන්නට ඇති.

දුම්රිය ගාස්තු වසර 15 කින් වැඩි නොවුණු බව සත්‍යයකි. දුම්රිය දෛනිකව පාඩු ලබන බවද සත්‍යයකි. නමුත් මේ අවස්ථාවේ දුම්රිය ගාස්තු ඉහළ නොදමා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් ආදිය බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමෙන්, සංචාරක ආකර්ෂණීය ස්ථාන සංචාරක මණ්ඩලය සමග සම්බන්ධ වී ප්‍රවර්ධනය කිරීමෙන් මෙන්ම පැරණි දුම්රිය මැදිරි පෞද්ගලික අංශය සමග සම්බන්ධ වී ක්‍්ර්ඩ්බ ආදී ලෙස සුඛොපභෝගීව නිපදවා සංචාරක ආකර්ෂණය දිනාගෙන දියුණු කර පාඩුව මගහරවා ගත හැක.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment