කෝට්ටයිකල්ලාරු මුහුදේ විනාශ වූ බෝට්ටුවේ ධීවරයෝ ආරක්ෂිතව ගොඩබිමට

73

මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් රැල්ලට හසුවී මුළුමනින්ම විනාශ වී ඇති අතර ධීවරයින් ආරක්ෂිතව ගොඩට පැමිණි බව එම ප‍්‍රදේශයේ ධීවර ජනතාව පවසති.

කෝට්ටයි කල්ලාරු ප‍්‍රදේශයෙන් රාතී‍්‍ර 1.30 පමණ බෝට්ටු තුනකින් ධීවරයින් මසුන් ඇල්ලීමට ගොස් සිටියදී තිදෙනකු සමග ගමන් කළ බෝට්ටුවක් රැුල්ලට හසුවී දෙකට පැලීයෑමෙන් එහි ගමන් කළ තිදෙනාව වෙනත් බෝට්ටුවකින් බේරාගෙන තිබේ. මේ නිසා ලක්ෂ හතකට වැඩි අලාභයක් සිදුව තිබේ.

උතුරු මෝසම් වැසි ඇති වීම නිසා ධීවරයින් අවධානයෙන් සිටින ලෙස කාලගුණ නිරික්ෂණ මධ්‍යස්ථානය පවසමින් සිටී.

මඩකලපුව – ටී.එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment