කෝටිපතියාගේ ඝාතනයට බිරිඳ හා ගෘහ සේවිකාව අල්ලන්න සොයයි

1186

ඉන්දුනිසියාවේ මහල් නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි ශ්‍රී ලාංකික කෝටිපතියකු වූ ධනිෂ සුබසිංහ මහතාගේ මරණය ගැන ඔහුගේ බිරිඳ වන රෝසා සිල්වා සහ ගෘහ සේවිකාව අත්අඩංගුවට ගැනීමට ජකර්තා පොලිසිය ඉන්ටර්පෝල් පොලිසියේ සහාය පතා ඇත.

මෙම දෙදෙනාම බ්‍රසීල කාන්තාවෝ වෙති. ඔවුන් ජනවාරි 20 දා ජකාර්තාවලට පැමිණි අතර ජනවාරි 31 දා රටින් පිටව ගොස් ඇත.

ධනිෂ සුබසිංහගේ වත්කම ඩොලර් බිලියනයක් බවත් ඔහුට සමාගම් 32ක් අයත්ව තිබූ බවත් පොලිසිය සොයාගෙන තිබේ.

ඔහුගේ මරණය ඝාතනයක් බව තහවුරු වී ඇත. ධනිෂ මැරී සිටි මහල් නිවසේ කාමරය ඇතුළින් වසා තිබූ බව ද හෙළි වේ.

කලකට පෙර ධනිෂ මරදගහමුල පොහොර කම්හල ආරම්භ කර ඇති අතර ඊට ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 550 කි.

මේ අතර ධනිෂගේ බිරිය, දියණිය සහ ගෘහ සේවිකාව බ්‍රසීලයට පැමිණ නැතැයි බ්‍රසීල පොලිසිය ජකර්තා පොලිසියට දන්වා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment