කෝටියකට අධික  වටිනා ගජමුතු 8ක්  ළඟ තබාගෙන සිටි  ඌරගස්මංහන්දියේ  අයෙක් මාට්ටු

413

රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති ගජමුතු 08 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අංක 7/ඒ/1, මාගල උතුර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ විශේෂ කාර්ය බළකාය සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී නීති විරෝධී ලෙස විවිධ බර ප්‍රමාණයෙන් යුතු ගජමුතු 08ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක, මාගල උතුර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා  ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකාය කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී. ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ විශේෂ බුද්ධි ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්. පී. ඩී. සී. ආර්. රාජපක්ෂ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කුලීගොඩ උප කඳවුරේ යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව මෙම වැටලීම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු

 

advertistmentadvertistment
advertistmentadvertistment