කෝටියක ඇන්තූරියම් රටට හොරෙන් රිංගවන්න හදලා

273

ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් මල් පඳුරු 400ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැුගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ද 07 වැනිදා සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් විසින් රැුගෙන එන ලද විශාලතම ගමන් මලූ 04ක මෙම ඇන්තූරියම් පඳුරු 400 අසුරා ගෙන තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් මෙසේ නීතිවිරෝධී ලෙස රැුගෙන විත් තිබූ ඇන්තූරියම් පඳුරු තොගය සහ එම ව්‍යාපාරිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශාක නිරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

ප‍්‍රභාත් විතාන සහ කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment