කෝටිය පැන්න ජල බිල්පත් නොගෙවූ පූජනීය ස්ථානවල ජලය විසන්ධි කිරීමට තීරණ

254

රුපියල් කෝටියක් ඉක්මවා ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබෙන දිවයිනේ ජනප‍්‍රිය පූජනීය ස්ථානවල ජල සැපයුම් විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

ජල බිල්පත් ගෙවීම පැහැර හැර තිබෙන පූජනීය ස්ථානවල ජල සැපයුම් විසන්ධි කිරීමේදී දේශපාලනඥයන් මැදිහත්ව විසන්ධි කිරීමට වැළැක්වීම නිසා ඇතැම් පූජනීය ස්ථානවල ජල බිල්පත් හිඟය රුපියල් දශ ලක්ෂයක් ඉක්මවා ගොස් තිබෙන බව ඉහළ නිලධාරියා පැවැසීය.

දකුණ, නැගෙනහිර, උතුර, බස්නාහිර, ඌව ඇතුළු පළාත් කිහිපයක බැතිමතුන් දස දහස් ගණනින් වන්දනා මාන සඳහා පැමිණෙන මාසිකව රුපියල් ලක්ෂයක් ඉක්මවා ආදායම් ඇති පූජනීය ස්ථාන ගණනාවක ජල බිල්පත් හිඟය රුපියල් කෝටිය ඉක්මවා තිබෙන බව ඔහු පැවැසීය.

පූජනීය ස්ථානවලට ජලය ඝණ මීටරයක් රුපියල් අටකට ලබාදෙන අතර ඒම මුදල ජලය ඝණ මීටරයක් නිෂ්පාදනයටද ප‍්‍රමාණවත් නොවන බව කී උසස් නිලධාරියා ජනතාවට පානීය ජලය සැපයීමේදී පවතින හිඟ බරපතළ අර්බුදයක් බවට පත්ව තිබෙන බවද පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment