කෝටි ගණනක් වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට

308

බලපත‍්‍ර නොමැතිව හොර රහසේ කෝටි ගණනාවකට අලෙවි කිරීමට සුදානම් කර තිබූ පුත්තලම තිල්අඩිය ප‍්‍රදේශයේ ගබඩාවක සඟවා තිබු විවිධ වර්ගයේ මුහුදු කූඩැල්ලන් තොගයක් සමග එහි අයිතිකරු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීම නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ අතර මෙහිදී ගබඩා කර තිබූ කූඩැල්ලන් කිලෝ 10,000 ආසන්න ප‍්‍රමාණයක් සොයා ගෙන තිබේ.

මේ තොගය සඳහා බලපත‍්‍ර ඇති බවට මෙහි හිමිකරුවන් මුලින් පවසා ඇති නමුත් , ස්ථානයේ විවිධ තැන්වල  ගබඩා කර ඇති තැන් පරීක්ෂා කිරීමේදී බලපත‍්‍රයේ සඳහන් ප‍්‍රමාණයට වඩා ඇති බවට තහවුරු වී තිබේ. මෙහි ගබඩාකර තිබූ කිලෝ 4,000 පමණ ප‍්‍රමාණයකට බලපත‍්‍රයක් අයිතිකරු වැටලීම සිදු කළ නාවික හමුදා නිලධාරින් පෙන්වා ඇත. මෙම ස්ථානයේ මෙවැනි විවිධ ප‍්‍රමාණයේ මුහුදු කූඩැල්ලන් තොගයක් මේ අකාරයෙන් රැගෙනෙ ආවේ කෙසේද? මෙම තොගය කොහෙන් ලැබුනේද යන්න පිළිබදව නාවික හමුදාව පරීක්ෂණ පවත්වනු ලබයි. මෙම මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම ධීවර කාර්යාලයට භාර දී ඇති අතර සැකරුවන් හා මුහුදු කූඩැල්ලන් තොගය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment