කෝටි ගණනක වියළි මුහුදු කූඩැල්ලන් සමග ශ‍්‍රී ලාංකිකයෙක් ඉන්දියාවේදී කොටුවෙලා

215

බලපත‍්‍රක් නොමැතිව බෝට්ටුවක් මගින් ඉන්දියාවේ රාමනාතපුරම් තොණ්ඩි වරායේ සිට මන්නාරමට රුපියල් තුන් කෝටි හැත්තෑපන් ලක්ෂයක් පමණ වටිනා වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග‍්‍රෑම් 7500 ක් ප‍්‍රවාහනය කරමින් සිටි මන්නාරමේ ව්‍යාපාරිකයකු හා ඉන්දීය ජාතිකයන් දෙදෙනකු රේගු නිලධාරීන් විසින් 27 දා වරායේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

රාමනාතපුරම් රේගු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියළි මුහුදු කූඩැල්ලන් තොගය බෝට්ටුවකට පටවමින් සිටියදීය.

මන්නාරමේ ව්‍යාපාරිකයා රේගු නිලධාරීට බලපත‍්‍රයක් ඉදිරිපත් කොට ඇතත් එම බලපත‍්‍රය ව්‍යාජ එකක් බවට තහවුරු වී තිබේ.

ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම බලපත‍්‍රයක් නොමැතිව වියළි මුහුදු කූඩැල්ලන් ප‍්‍රවාහනය, බෝට්ටුවක් මගින් වීසා නොමැතිව ගමන් කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ මන්නාරමේ ව්‍යාපාරිකයාට හා ඉන්දීය ජාතිකයන් දෙදෙනාට නඩු පැවරීමට රාමනාතපුරම් රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment