කෝටි තුනහාමාරකට අධික රත්‍රං අද කටුනායකින් හමුවේ

183


ඕමානයේ මස්කට් සිට අද මෙරටට පැමිණි කාන්තාවක් සහ පිරිමින් දෙදෙනක් ඉතා සූක්ෂම ලෙස රැගෙන ආ රුපියල් කෝටි එකහාමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 7.5ක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇත. රන් තහඩු සාදාඒවා සගවා තම ගුවන්තොටුපල පර්යන්තයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.
එම ගුවන් යානයෙන්ම මෙරටට පැමිණි තවත් මගියෙක් කිලෝ එකකට ආසන්න ප්‍රමාණයක් රන් තම ගුද මාර්ගයේ සගවා පිටතට රැගෙන යාමට තැත් කිරීමේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස සගවා ගෙන පැමිණි රත්‍රං වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටියකට අධිකය.

advertistmentadvertistment
advertistmentadvertistment