කෝටි දහයක මුතු ළඟ තබාගත් අයෙක් ආරුගම්බේදී එස්.ටී.එෆ්. දැලේ

57

රුපියල් කෝටි 10 කට වැඩි වටිනාකමින් යුත් ගජමුතු 07 ක් සහ මුතු 06 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් පෙරේදා ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උපාය දූත නිලධාරීන් යොදවා ආරුගම්බේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව පෙරේදා (04 වැනිදා) දින ටොප්ටෙන් පාර, ආරුගම්බේ, බඩලිනා කිංග්ඩම් හෝටලය තුළදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබියදී මෙම පුද්ගලයා සහ ගජමුතු හා මුතු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.

මෙහිදී රුපියල් කෝටි 10 කට වැඩි වටිනාකමින් යුතු ගජමුතු 07 ක් සහ මුතු 06 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි කලප්පුකට්ටු, පොතුවිල් 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

විශේෂ කාර්ය බළකාය, කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ආර්. ඒ. ඩී. සී. එස්. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment