කෝටි දෙකකට අධික මත්ද්‍රව්‍ය පාර්සලයක්

213


නෙදර්ලන්තයේ සිට ආනයනය කරන ලද පාර්සලයක් තුළ තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් (රුපියල් 297,300,00 ක් )පමණ වටිනා මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ආයනයනය කරන ලද පාද සම්භාහන යන්ත්‍රයක් තුළ සගවා මෙම මත්ද්‍රව්‍ය පෙති ගෙන්වා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
මෙම පාද සම්භාහන යන්ත්‍රය තුළ ඉතා සූක්‍ෂම ලෙස සගවා තිබූ මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 2973ක් පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment