කෝටි දෙකකට අධික වාලම්පුරියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

258

අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමැති වාලම්පුරියක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නතිව් පොලිස් වසමේ ඉරට්ටචෝනමඩු පාසල අසල ප්‍රදේශයේදී ඉකුත් 14වැනිදා විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

එහිදී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වට ප්‍රමාණය සෙ.මී. 34 ක් හා දිග සෙ.මී. 23 ක් වන මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වව්නතිව් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

විශේෂ කාර්ය බළකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලවංචිකුඩි කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙහෙයුම සිදු කරන ලදී.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment