කෝටි දෙකක මත්පෙති රේගුවේදී අත්අඩංගුවට

108

නෙදර්ලන්තයේ සිට ආනයනය කරන ලද පාර්සලයක් තුළ තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් (රුපියල් 297,30000 ක්) මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ආනයනය කරන ලද පාද සම්බාහන යන්ත්‍රයක් තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය පෙති ගෙන්වා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.

මෙම පාද සම්බාහන යන්ත්‍රය තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 2973ක් පමණ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සඳහන් කරයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment