කෝටි හතරකට වැඩි විදෙස් මුදල් අත්අඩංගුවට

490


රුපියල් කෝටි 4.2කට ආසන්න විදේශීය මුදල් මෙරටින් පිට කිරීමට තැත් කළ සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් සමත්වී තිබේ.

ඊයේ ඩුබායි බලා යාමට තැත්කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන ඇත. මෙම කණ්ඩායමෙහි කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සිටින බවරේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

මොවුන්ගේ ගමන්මලූවල ඉතා සූක්‍ෂම ලෙස අසුරා තිබූ ඇමරිකානු ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725, සවුදි රියාල් 292000ක් හා ඩිරාම් 75000ක් පමණ රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment