කෝටි 07ක රන් බිස්කට් තරුණයකුගේ සිරුරේ

714

රුපියල් කෝටි 07ක් පමණ වටිනා රන් බිස්කට් සිය ශරීරයේ සඟවාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ‍්‍රයෙන් පිටතට රැුගෙන යෑමට තැත්කළ ගුවන්තොටුපළ පිරිසිදු කිරීමේ අංශයේ වයස අවුරුදු 25ක පමණ වන සේවකයකු ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලූ‍යම 2.00ට පමණ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක.නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ළඟ තිබී කිලෝ ග‍්‍රෑම් 4.848ක්(ග‍්‍රෑම් 4848* බරැුති රන් බිස්කට් 48ක් පමණ රේගු නිලධාරීන් සොයා ගන්නා ලද බවත් කියා සිටියේය. මොහු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ගුවන් තොටුපළ සංක‍්‍රමණික මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළ සගවා තිබූ මෙම රන් බිස්කට් තොගය , මොහු මෙසේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කර තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment