කෝටි 10 ක් පාඩු කළ ඇස් කාච මගඩිය ගැන විමර්ශන ඇරැඹෙයි

98

රුපියල් කෝටි දහයක පාඩුවක් සිදුවන පරිදි අක්‍ෂි කාච තොගයක් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (16 දා) පරික්‍ෂණයක් ආරම්භ කර ඇත.

සෞඛ්‍ය වෘත්තීය සමිති කළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම අක්‍ෂි කාච තොගය මිලදී ගැනීමට අදාළව ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඊට අත්සන් තැබූ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්ගෙන් ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment