කෝටි 10 ක ලංගම ටිකට් මැෂින් අක්‍රියයි

150

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතුව ඇති ටිකට් මැෂින් ප්‍රමාණයෙන් සියයට 40ක් පමණ ක්‍රියාවිරහිතව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මණ්ඩලය සතුව ටිකට් මැෂින් 10,575 පමණ ඇත. ඉන් ටිකට් මැෂින් 4250ක් ක්‍රියා විරහිතව ඇතැයි මේ සම්බන්ධව නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් කර ඇත. මෙම ක්‍රියාවිරහිතව ඇති ටිකට් මැෂින්වල වටිනාකම රුපියල් දසකෝටි, හැත්තෑලක්ෂ, හැත්තෑදහස්, අටසිය විසිඑකකි.

අක්‍රිය වී ඇති මෙම මැෂින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමට හැකි තත්ත්වයකට පත්කිරීමට මණ්ඩලය විසින් කටයුතු කර නොතිබුණි. අදාළ ටිකට් මැෂින් මිලදී

ගැනීමේ දී ජීවකාලයේ දී සේවා කිරීම හා නඩත්තු කිරීම් සහ නඩත්තු කිරීම් ගිවිසුමට අනුව කටයුතු කළයුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත. සියයට 50ට වඩා වැඩි මැෂින් ප්‍රමාණයක් අවුරුදු 05කට වඩා පැරණි වී ඇති බැවින් නිතර නිතර ආපදාවලට ලක්වන බව මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. එමෙන්ම 2019 වර්ෂයෙන් පසු ටිකට් මැෂින් මිලදී නොගැනීම නිසා ටිකට් මැෂින් අවශ්‍යතාව යාවත්කාලීන වී නොමැති බව ද කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත. ගමනාගමන මණ්ඩලය සම්න්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment