කෝටි 100ක  මුහුදු කූඩැල්ලන් සමග මන්නාරමේ වැසියෙක් අත්අඩංගුවට

462

සැකකරු රාමනාතපුරම් අධිකරණයට

තවත් දෙදෙනෙක් මුහුදට පැන පලා යති


රුපියල් කෝටි සීයකට වඩා වැඩි වටිනාකමකින් යුත් මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර කිලෝ ග්‍රෑම් 3890ක් සමග මන්නාරමේ වැසියකු ඉන්දියාවේ රාමනාතපුරම් පලනි ප්‍රදේශයේදී 31 දා අත්අඩංගුවට ගෙන තිබේ’

ඔහු මෙම ද්‍රව්‍ය බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස බෝට්ටුවකින් මන්නාරම වෙත ප්‍රවාහනය කරමින් සිටියදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් හා රාමනාතපුරම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ’

බෝට්ටුවේ සිටි තවත් දෙදෙනකු මුහුදට පැන පලා ගොස් ඇත’ වෙරළාරක්ෂක නිලධාරීන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට උත්සහ කරද්දී සැකකරු විසින් බෝට්ටුවේ තිබූ මුහුදු ආහාර හා මුහුදු පැළෑටි අඩංගු ගෝනි කීපයක්ම මුහුදට තල්ලු කළ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය’ අත්අඩංගුවට ගත් සැකකරු හා මුහුදු ආහාර තොගය රාමනාතපුරම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ’

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment