කෝටි 12000 ක් පාඩු ලබන ඛනිජ තෙල් සේවකයන්ට කෝටි 52 ක බෝනස්

327

බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව රුපියල් කෝටි දොළොස් දහසක් පමණ පාඩු ලබා තිබෙන තෙල් සංස්ථාව හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවකයන් 5200 ක පමණ පිරිසට අපේ‍්‍රල් මාසයට අදාළව රුපියල් කෝටි 52 ක ප‍්‍රසාද දීමනා (බෝනස්) ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩල අවසරය ලැබී තිබේ.

සාමාන්‍යයෙන් ආයතනයක් ලාභ ලබන විට එම ලාභයෙන් කොටසක් ප‍්‍රසාද දීමනා ලෙස සේවකයන්ට ලබාදෙන මුත් මේ සා විශාල පාඩුවක් ලබා තිබෙන සංස්ථාවේ සේවකයන්ට බෝනස් ගෙවීම විශේෂත්වයකි.

තෙල් සංස්ථා හා තෙල් තොග ගබඩා පර්යන්ත සේවකයන්ට වසරකට තුන් වරක් ප‍්‍රසාද දීමනා (බෝනස්* ලබාදෙන අතර මේ වනවිට ලබන පාඩුව හමුවේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබා ගන්නා ණය මගින් සේවක වැටුප් ගෙවීමට පවා සිදු වී ඇත.

තෙල් සංස්ථා සේවකයන්ට වසරකට ප‍්‍රසාද දීමනා (බෝනස්* ගෙවීමට පමණක් රුපියල් කෝටි 150 කට අධික මුදලක් වැය කෙරේ.

තෙල් පෝලිම් පිට පෝලිම් තිබෙන සමයක සංස්ථා සේවකයන්ට බෝනස් ගෙවිය යුතු නැති බවට ඇතැම් උසස් නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කරුණු දක්වනු ලැබුවත් එහි ප‍්‍රබල වෘත්තීය සමිතිවල බලපෑම මත ප‍්‍රසාද දිමනා ගෙවීමට සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පාලන* සමන්ත පුෂ්පලාල් විතානගේ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියාසිටියේ තාම තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් වෙනත් නිලධාරියකු සඳහන් කළේ අපේ‍්‍රල් 04 හෝ 05 වැනිදා බෝනස් ගෙවන බවයි. මේ සම්බන්ධව අවසාන තීන්දුව ඊළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැුස්වීමේදී ලබා ගැනීමට නියමිත බව ද කීය.

ශිරාන් රණසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment