කෝටි 15 ක වාහන 5 රාජසන්තකයි!

475

අමතර කොටස් ගෙන්වන මුවාවෙන් රේගුවට ගෙන්වා තිබෙන රුපියල් කෝටි 15 ක් පමණ වටිනා වාහන 05 රාජසන්තක කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා “දිවයින”ට ඊයේ (24දා) පැවසීය.

බහාලුම් දෙකක ගෙන්වා තිබෙන සුඛෝපභෝගී වාහන මෙරටදී මුදාහැරීමට නියමිත පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් ඔවුන් මෙයට සම්බන්ධ බවට විමර්ශනවලදී හෙළිවන්නේ නම් භාණ්ඩවල වටිනාකම මෙන් තුන්ගුණයක දඩයක් දක්වා වුවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යෑමේ හැකියාව පවතින බවද ඔහු කීය.

මීට අමතරව බහාලුම් තුළ එවා තිබූ විදේශ මත්පැන් බෝතල් 1000 කට වැඩි ප්‍රමාණය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාලවරයා විසින් ගනු ලබන තීරණයකට අනුව ඉදිරි කටයුතු සිදුකරන බවද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment