කෝටි 17ක් දී ඉඩම් පවරා ගත්තත් දෙද්දුව සංචාරක ව්‍යාපෘති අරඹා නෑ – විගණනයෙන් හෙළි වෙයි

92

බෙන්තොට, දෙද්දුව සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රුපියල් දාහත්කෝටි තිස්එක් ලක්ෂ පනස්නමදහස් නමසිය නමයක මුදලක් ගෙවා (173,159,909) ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කර තිබුණ ද මේ වන විටත් එහි සංචාරක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙකී සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂය වන විට ඉඩම් පවරා ගැනීම අවසන් කර තිබුණි. ඉඩම් පවරා ගැනීම සිදු කර වසර 06ක් ගතවී ඇතත් මේ වන තෙක් එහි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වී ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ කළමනාකාරීත්වය විසින් මේ පිළිබඳ විගණනයට සඳහන් කර ඇත්තේ 2020/2021 යන වර්ෂවල දී හිටපු ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙකී භූමිය වගා කටයුතුවලට සුදුසු නුසුදුසු නිසා හමුදාවට ලබා දී ඇති බවය. එම නිසා මෙහි සංවර්ධන කටයුතු මෙකී වර්ෂවලදී යම්තාක් දුරට අඩාල වීමක් සිදුවී ඇති බවය. ඉදිරියේ දී මෙකී සංචාරක කලාපය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව ද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment